iranama
බෝධි පූජාවෙන් ග්‍රහ අපල නැතිකළ හැකිද?
බෝධිය යනු අවබෝධයයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට බෝධිය නැත්නම් බුද්ධ යෑයි කියයි. බෝධිය යනු බුද්ධියට ව්‍යවහාර කරන නාමයයි. බෝධි පූජාව වශයෙන් අප කළ යුත්තේ බුද්ධියට කරන උපකාරයකි. බුදු පියාණන් වහන්සේ බුද්ධිය ලබා ගැනීමට එදා උන්වහන්සේට පිටදීමට උපකාර වූ ඇසතු වෘක්ෂයට ද බෝධි යෑයි නම් කරනු ලැබ ඇත. බෝධීන් වහන්සේ යෑයි ගෞරව පූර්වකව නමදින්නේ අප මහා බෝසතුන් වහන්සේට කළ උපකාරයට ප්‍රතිඋපකාර වශයෙනි. බුද්ධත්වයට පත් බුදු පියාණන් වහන්සේ සතියක් මුළුල්ලේම අනිමිස ලෝචනයෙන් පුදා අපට පෙන්වා දුන්නේද එයයි. ඒ නිසා එදා සිට අද දක්වාත් ඉදිරියටත් ඒ අදහස මුල් කරගෙන ඒ ගෞරවය චිත්ත සන්තානයේ පෙරදැරි කරගෙන කරන බෝධි පූජාවන් අපමණ පිහිට ඇති බව අත්දැකීමෙන් ලත් අවබෝධයකි. බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේලා හැටියට අපට දකින්නට ලැබෙන ඉතා වටිනා වස්තුවක් බව අප අමතක නොකළ යුතුයි. එය ආරක්ෂා කර ගැනීම බෞද්ධ අපගේ උරුමයයි.
බෝධි පූජාව සඳහා ඉදිරිපත් වන අය මේ කිසිවක් ගැන අල්ප මාත්‍ර අදහසක් නොමැතිව කරන වැරදිද සිහිපත් කරමු. පහන් දැල්වීම, හඳුන් කපුරු දැල්වීම, බෝධීන් වහන්සේ අසලම සිදු කිරීමෙන් ගින්දර රස්නයෙන් සිදු වන්නේ කුමක්දැයි කල්පනා නොකරන්නේ ඇයි? බුදු පියාණන් වහන්සේ වෙත ආහාර පාන තබා පූජා කිරීමෙන් අනතුරුව අස් කිරීමද අනිවාර්යයි. එසේ නොකළේ නම් කපුටු ආදී සතුන් ඒ ස්ථානය අපවිත්‍ර කරනු ලබයි. කොඩි වැල් ආදියත් සිවුරු ආදියත් බෝධින් වහන්සේට පූජා කිරීමේදී මේ වෘක්ෂ රාජයාණන් වහන්සේගේ අතු උඩ තබා යැමෙන් වැස්සට තෙමී අව්වට වේලී අවසානයේ වෘක්ෂයේ දිරාපත් වීමද සිදුවන බව සිතන්න. තමන් කරන සත් ක්රියාවේ ප්‍රතිඵල නෙළාගන්න නම් තමන්ගේ ක්‍රියාවෙන් පසු බෝධීන් වහන්සේට සිදුවන අපවිත්‍රතා අනාරක්ෂිත දේ පිළිබඳව ද සිහිපත් කළ යුතු බව අමතක නොකරන්න. සමහර බෝධීන් වහන්සේ අභියස බුදු රුවක් ඇත්නම් උන්වහන්සේගේ අත්ල මත තැඹිලි ගෙඩි ආදියද තබා යන අනුවණ ජනයාද ඇති බව කිව යුත්තකි. ශ්‍රද්ධාව වැඩි කමටදොa බෝධීන් වහන්සේ කිරිවලින් නෑවීමද සමහරුන්ගේ චාරිත්රයකි. එතන අරක් ගන්නා කුහුඹු රාශීන් ගැන කවර කතාද? සමහරු පොල් බිඳ ඒ ස්ථානය කුඩා සතුන්ට වාසස්ථානයක් කරදෙන බවද පෙනේ. තමන් ගෙන ආ බෝතල් කුප්පි බෑග් ආදියද ආපසු ගෙන යැමද අමතක නොකළ යුතුයි. තමන්ගේ ගෙදර වන්දනාව පිණිස තබා ගත් බුද්ධ රූප ආදියෙහි කැඩීමක් බිඳීමක් වුවහොත් එයද පිළිගත යුත්තේ බෝධීන් වහන්සේ යෑයි සිතන ඇත්තන්ද නැතුවා නොවේ. බෝධීන් වහන්සේ නමක් ඇත්තේ පන්සලකය. එහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේගෙන් අසා සුදුසු තැනක ඒවා තැන්පත් කළ යුතුය. තමාගේ පූජාවෙන් පසු බෝධීන් වහන්සේ අපවිත්‍ර වීම ආදියෙන් ප්‍රවේශම් කරලීම්වලට වගබලා ගන්නේ නම් තමාගේ අධිෂ්ඨානය ඉහළින්ම සිදුවන බව සත්‍යයකි.
බෝධි පූජා කරන්නේ ඇයි?
ප්‍රශ්න රාශියක් ඇත. එයින් කිහිපයක් ඉදිරිපත් කරමි.
01. ග්‍රහ අපල දොaෂ නිසා
02. භූත ප්‍රේත අමනුෂ්‍ය ආදීන්ගේ කරදර හිරිහැර නිසා
03. වාසනා ගුණ ඇතිකර ගැනීමට
04. ඇති වාසනා ගුණ වැඩිදියුණු කර ගැනීමට
05. ලෙඩ දුක් කරදරවලින් මිදීමට
06. රැකී රක්ෂා ප්‍රශ්න, විභාග ප්‍රශ්න, විවාහ ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, දූ දරුවන්ගේ ප්‍රශ්න නිසා
මෙකී නොකී ගැටලු සඳහා සැනසුමක් විසඳුමක් බලාපොරොත්තුවයි.
ග්‍රහ අපල යනු කුමක්ද?
මනුෂ්‍යයන් වශයෙන් ජීවත්වන අප කොපමණ වාරයක් ඉපිද ඇත්ද? මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වූ භවවලදී තමාගෙන් සිදුවූ අකුසල කර්ම පාප කර්ම උඩ මනුෂ්‍ය භවවලින් තොරව තිරිසන් යෝනිවල භූත, ප්‍රේත, අමනුෂ්‍ය ආදී භවවල උපදින්න ඇති. කෝ එතකොට පිං? කෝ එතකොට කුසල්? මේ මිනිස් භවයේදී සැප ලබන්න අමාරුවෙන් ලබා ගන්න මිනිස් උපත තුළ බෞද්ධයන් වශයෙන් දිවි ගෙවන්නේ නම් දාන, ශීල, භාවනා කළ යුතුයි, මෛත්‍රී, කරුණා, මුදිතා වැඩිය යුතුයි. ශීල, සමාධි, ප්‍රඥ තුළ ජීවිත පැවැත්ම නගාගත යුතුයි. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මදමාන වඩමින් අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරමින් ජීවිත ගෙවද්දී පෙර භවවලදී කරගත් පිනකුත් නැති කොට මේ ලබාගත් මනුෂ්‍යත්වය දුකෙන් වේදනාවෙන් දහසක් බලාපොරොත්තු ඇති කර ගෙන ඒවා මල්ඵල ගැන්වීමට නොහැකිව සිටින දුක උරුම කරගත් ඇත්තෝ එමටය. එසේ නම් බෝධි පූජාවක් තැබුවාට මදි. හැකි පමණින් තම වත්කම් පරිදි දන්දීම කළ යුතුයි. සිල් රැකීමට වත්කම් අනවශ්‍යයි. අවශ්‍ය වන්නේ ඕනෑකමයි. අඩුම තරමේ පන්සිල් වත් රැකිය යුතුයි. බෝධි පූජාවකට සූදානම් වන්නා නිර්මාංශ වන්නේ නම් ප්‍රතිඵල අති සාර්ථකයි. දැන් අපි අපල ගැන තේරුම් ගනිමු. දරුවකු මෙලොව එළිය දකින මොහොත නක්ශස්ත්‍ර විද්‍යාඥයකු ලවා වේලා පත්කඩයක් සාදවා ගැනීම සාමාන්‍ය සිරිතයි. එහි ලග්නය නමින් වූ ජනක කර්මයේ පටන් අහෝසි කර්මය දක්වා කොටු දොළසකින් යුත් සටහන් පත්වෙයි. උපතේ සිට මරණය දක්වා ජීවිත පැවැත්ම තුළ වාසනාව, අවාසනාව, ලෙඩ දුක්, ඉගෙනීම, රැකී රක්ෂා, විවාහය, දරු ඵල බලාපොරොත්තු, යාන වාහන, ඉඩකඩම් ආදියද තමාට සිදුවන විපත්ද දක්ෂ දෛවඥයකුගෙන් විමසීමේදී ඒවායේ නරක ප්‍රතිඵල පෙන්වන්නේ අපල යනුවෙනි. අපල යනු අකුසලයයි. එසේ නම් අපල දුරු කර ගැනීමට කුසල් වැඩිය යුතුය. එසේ කුසල් රැස්කරගෙන යද්දී ඵල දෙන අපල එදිනෙදාට යටපත් කරමින් තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට තමන් වීර්යය වැඩිය යුතුය.
දෙවැනි ප්රශ්නය වශයෙන් භූත, ප්‍රේත අමනුෂ්‍ය දොaශ - මනුෂ්‍යයන් ලෙස උපත ලබා සිටින මනුෂ්‍යය වර්ගයාමයි අමනුෂ්‍ය භවවල උපදින්නෙත්, එසේ උපත ලබන්නේ කෙසේද? ජීවත්වන ජීවිත පරාසයේදී සමහර ඇත්තන් අන් අයගේ ජීවිත විනාශ කරමින් අනුන්ගේ දේ කොල්ල කමින් අනුන්ට විපත් කරමින් අනුන්ට ජීවිත විනාශ කරමින් අනුන්ගේ දේ කොල්ල කමින් අනුන්ට විපත් කරමින් අනුන්ට හිංසා පීඩාදිය කරමින් පස් පව්වල යෙදෙමින් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මදමානාදිය වඩමින් තණ්හාවෙන් භරිතව දාන, ශීල භාවනාවල නොයෙදෙමින් සිට මරණය සිදුවන මොහොතේද සිහිකළ යුතු පිනක් නැත්තේ සියල්ල අතහරින පුහුණුවක් නැත්තේ අවසාන චුති චිත්තයට තම ගේ දොර දරු මල්ලන් ආදී යමක් මතක සටහනකින් මියෑදෙන්නේය. අවසාන චුති චිත්තය ප්‍රතිසන්ධියක් භවට පත්වී අමනුෂ්‍ය උපතක් ලබාගෙන එම නිවසේම වාසස්ථානය කරගනිsමින් ජීවත් වේ. මරණයට පත් වූ ඔහු හෝ ඇය ජීවත්ව සිටියදී නොසැලකුවත් මරණයෙන් පසු ඒ අයට දිනපතා, සති පතා, මාස් පතා, අවුරුදු පතා දන් දීම්, පිරිත් කීම්, ධර්ම දේශනා පිංකම්, ගිලන් උපස්ථාන, දුගී මගී යාචක සැලකීම් කරමින් අප කරන්නේ උදාරතර පිංකම්ය. බුදුබණ දන්නෝ බුදු ඔවදන පිළිපදින්නෝ බැඳීම් වලින් තොරව මේ පිංකම් කරති. නිති අඬා වැළපෙමින් ජීවිත කාලයෙහි කළ කී දේ සිහිපත් කරමින් තම තමන්ගේ දුක ඒ අයට කියමින් මළවුන් වැළඳ ගන්නා උදවියද නැත්තේ නොවේ. මරණයට පත් වූ ඇත්තන් අමනුෂ්‍ය උපතක් ලබා ඇත්නම් ඔබ ඒ අයව වැළඳ ගන්නවා සේ ඒ අයද ඔබට ළං වනවා ඇත. මළවුන්ගේ බන්ධන යෑයිද සමහරු භාවිත කෙරෙයි.
අවුරුදු පනහක කාලයක් තුළ මා ලද අත්දැකීම් තුළ ඒ අයගෙන් සුගතියට වඩා සිදුවන්නේ දුගති ක්‍රියාය. සමහර විට සමහරුනට ආරූඪ වී වරම් ලබා ගත්තවුන් හැටියට පවුල්වලට සම්බන්ධ වී ශාස්ත්‍ර කීම ආදියට ද පෙළඹෙන්නේ අනුන්ගේ පිනෙන් පෝෂණය ලබන පරදත් තූප ජීවී ප්‍රේත කොට්ඨාසවලට අයත් වූවෝ වෙති. කිසිම මිනිස් සිරුරකට කතරගම, විෂ්ණු, සූනියම්, කාලි මෑණියන් ආදී ප්‍රබල ශක්තීන් ඇති දේවාත්ම භාවවල ඇත්තන් රිංගා නොගන්නා බව අවධාරණයෙන් පෙන්වා දෙමි. පූර්ව ජන්ම වලදී තමා විසින් කරන ලද අකුසල කර්මවල විපාක වශයෙන්ද තමා විසින් ළංකර ගන්නා භූත, ප්‍රේත, අමනුෂ්‍ය ආදී නිසාද වා පිත් සෙම් කිපීම නිසාද ලෙඩ රෝග සෑදෙන බව කිව යතුය. කෙසේ වුවද බෝධි පූජා කිරීමෙන් ගුණ ලද හැකිය.